Translate

Wednesday, April 16, 2014

අවුරුද්ද

නෑදෑ හිත මිතුරන් හා එක් වී
පිරිමින් 
කණ පැලෙන්න බී මත් වී නටද්දී
ගැහැණුන්
උන්ට කන්ට උයා දී
ගෙතුළට වී
තනිකමින්
සෝ සුසුම් හෙළන
කාලයයි

Tuesday, April 15, 2014

Michel Teló - Barquinho / Eu quero você - DVD ao Vivo - VIDEO OFICIAL

නූතන පිරිත් ගෙය

එන්න කියා දන්නා අයට
සවන් දෙන්න ගිහි පිරිතට
මණ්ඩප තනාලා කදිමට
සැකසූවා ගේ කදිමෙට

හවස හය හත වෙන කොට
සෙනග ආවා ගේ පිරෙන්න
පිරිත් පටන් ගන්නා විට
ඇසුණා මහ සාදුකාර

ටික ටික රෑ බෝ වෙද්දී
පිරිත් මණ්ඩපය වටා
පැදුරු ටිකක් ඉතිරි වෙලා
සාදුකාර නැතිව ගියා