Translate

Tuesday, April 15, 2014

නූතන පිරිත් ගෙය

එන්න කියා දන්නා අයට
සවන් දෙන්න ගිහි පිරිතට
මණ්ඩප තනාලා කදිමට
සැකසූවා ගේ කදිමෙට

හවස හය හත වෙන කොට
සෙනග ආවා ගේ පිරෙන්න
පිරිත් පටන් ගන්නා විට
ඇසුණා මහ සාදුකාර

ටික ටික රෑ බෝ වෙද්දී
පිරිත් මණ්ඩපය වටා
පැදුරු ටිකක් ඉතිරි වෙලා
සාදුකාර නැතිව ගියා


No comments:

Post a Comment